HomeStudent Registration Agreement

Student Registration Agreement

Student Registration Agreement (සිසුන් ලියාපදිංචි කිරීමේ ගිවිසුම)

General Terms (පොදු කොන්දේසි)

  • ඇඳුම් පැලඳුම් හා චර්යාධර්ම නීතිරීති මෙන්ම විද්‍යාලයෙන් දැනුවත් කර ඇති අනෙකුන්නී තිරීති පිළිපැදීම අනිවාර්ය වේ.
  • (Installment plan) ගෙවීම්  වාරික සැලැස්මට අනුකූල නොවන අවස්ථාවකදී ශිෂ්‍ය භාවය අවලංගු කිරීමට හෝ සහති පත්‍ර(certificates) අත්හිටුවීමට විද්‍යාලයට පූර්ණ අයිතිය ඇත.
  •  නොවැළැක්වවිය හැකි හේතූන් මත පන්ති පවත්වනු ලබන දින සහ කාලසටහන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
  • පාඨමාලා පවත්වාගෙන යන අතරතුර කථිකාචාර්යවරුන් වෙනස්වන අවස්ථා ඇති බව කරුණාවෙන් සලකන්න.

Important Terms & Conditions (වැදගත් රෙගුලාසි සහ කොන්දේසි)

  • ඔබේ පාඨමාලා තේරීම අවසන් කිරීමට පෙර, අරමුණ සහ අපේක්ෂිත ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම අවබෝද කර ගැනීම ඉතා වැදගත් වේ. ඔබ කැමති පාඨමාලා ඔබේ අපේක්ෂාවන් සමඟ ගැලපේදැයි කළමනාකරුවන් සමඟ සාකච්ඡා කර තහවුරු කරගන්න. උදා :- විදෙස් ගත වීමට හෝ වීසා අයදුම් කිරීමට ඔබ කරන පාඨමාලවේ අදාළත්වය.
  • ඔබ තෝරාගත් පාඨමාලාව සඳහා අවශ්‍ය උපකරණ සහ ද්‍රවය මිලදී ගැනීමට පිරිවැය සඳහා ඔබට අමතර මුදල් ඇති බවට තහවුරු කරගන්න. ඔබ තෝරාගන්නා පාඨමාලාව අනුව පිරිවැය වෙනස් විය හැකි අතර, මෙම මුදල ඔබේ පාඨමාලා ගාස්තුවට ඇතුළත් නොවන බැවින්, එය සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් විය හැක. මෙම උපකරණ සහ ද්‍රව්‍ය අවශ්‍ය වන කාල සීමාවන් කලමණාකරුවන් හරහා දැනුවත් වන්න.
  • ඔබට ඔබේ ලියාපදිංචි පාඨමාලා හෝ ශාඛාව වෙනස් කිරීමට අවශ්‍ය නම්, එය මාසයක් ඇතුලත සිදු කළ යුතුය, මන්ද යත් විද්‍යාලය රජයේ නියාමන ආයතන විසින් පනවා ඇති නීති රීති පිළිපැදිය යුතු නිසාවෙනි.
  •  වඩාත් කාර්යක්වෂම සේවාවක් ලබාගැනීම සඳහා ඔමේ (Student smart card) ශිෂය ස්මාර්ට් කාඩ්පත ලබාගන්න. (Registration fee) ඇතුළත් වීමේ ගාස්තුවට අමතරව රු.200/= ක ගාස්තුවක් අවශ්‍ය මේ. එය අස්ථාන ගත වුවහොත් රු.300/=කට නව කාඩ්පතක් ලබාගත හැක. ඔබේ ස්මාර්ට් කාඩ්පත නිරතුරුව ඔබ සතුව ඇති බවට සහතික වන්න.
  •  ලියාපදිංචි ගාස්තුව ගෙවීමේදී එදින කොටසක් පමනක් සම්පූර්ණ කරන්නේ නම් ඉතුරු මුදල ලියාපදිංචි වූ දින සිට දින 10ක් ගතවීමට ප්‍රථමයෙන් සම්පූර්ණ කළ යුතුය. ඒ නමුත් දින 10ක් ගතවීමට ප්‍රථමයෙන් පාඨමාලාව ආරම්භ වන්නේ නම් ඉතුරු මුදල පාඨමාලා ආරම්භක දිනයේදී සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ. එසේ කිරීමෙන් ඔබගේ ආසනය ස්ථිර ලෙසම වෙන්කරවා ගන්න. විද්‍යාලයේ වරදක් හෝ දෝෂයකදී හැර, පෞද්ගලික හේතුවක් මත හෝ කිසිදු තත්වයක් යටතේ ලියාපදිංචි ගාස්තුව (Registration fee) ආපසු නොගෙවන බව සැලකිය යුතුය.
  • අන්තර්ජාලය හරහා ගෙවීමක් (Online Payment) හෝ බැංකු තැන්පතුවක් (Bank Deposit) කරන්නේනම්, වලංගු භාවය තහවුරු කරගැනීම සඳහා යොමුව (Reference) ලෙස ඔබගේ (National ID number) ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. කිසියම් වංචනික ක්‍රියාවක් සිදුවී ඇත්නම් එය වලංගු ගෙවීමක් ලෙස කළමනාකාරීත්වය විසින් නොසලකන බව කරුණාවෙන් සලකන්න.
  •  කරුණාකර ඔබ සියලු මූල්‍ය ගනුදෙනු සඳහා රිසිට්පතක් ලබාගන්න බවට සහතික වන්න. (Valid system generated) පද්ධතියෙන්-ජනනය  කරන ලද විද්‍යාල රිසිට් පතක් නොමති ගනුදෙනු සඳහා විද්‍යාල වගකීම භාර නොගනී.
  • මා විසින් ඉහත සඳහන් කර ඇති කොන්දේසි ඇතුලුව ඉහත ප්‍රකාශ කියවා තේරුම් ගතිමි. සඳහන් කර ඇති සියලුම නියමයන් සහ කොන්දේසි මම මෙයින් පිළිගනිමි.